Monday, April 29, 2024

General line - 0115112241

නිවසටම ඖෂධ ගෙන්වා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක්




සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ නිවසටම ඖෂධ ගෙන්වා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියා සිටියේ අවශ්‍ය ඕනෑම ඖෂධයක් මෙම ක්‍රමය ඔස්සේ ජනතාවට නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට ද හැකි බවයි.

මෙහිදී ජනතාව අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද? ඒ පිළිබඳ නෙත් නිවුස් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් විමසීමක් කළා.

ඔබ ඇනවුම් කරන කිසියම් ඖෂධයක් අදාළ ඔසුසල තුළ නොමැතිනම්, වෙනත් ආසන්න ඔසුසලකින් හෝ අදාළ ඖෂධ ගෙනැවිත් දීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරන බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් කියා සිටියේ.

ඖෂධ නිවසට ගෙනැවිත් භාරදීමේදී හා ඖෂධ භාර ගැනීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ආරක්ෂා කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දුන්නේ.