Monday, April 29, 2024

General line - 0115112241

අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමෙන් කොරෝනා පාලනයට යොදාගන්නා ඖෂධ නිෂ්පාදනයට බාධා




චීනයෙන් ගෙන්වන ,අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් කොරෝනා පාලනයට යොදාගන්නා ඖෂධ නිෂ්පාදනයට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.

ලෝකයේ ප්‍රධානතම ඖෂධ නිෂ්පාදකයා වන ඉන්දියාවේ   නිෂ්පාදනය කෙරෙන ඖෂධ ගණනාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනේ.

කෙසේවෙතත් ඉන්දියාව එම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍ය බහුලව භාවිතා කරයි.

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ අශෝක් මදන් සදහන් කරන්නේ මෙම අමුද්‍රව්‍ය රැසක මිල පසුගිය කාලසීමාවේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

අයිවර්මෙක්ටින් මිල සියයට 300කින්ද එරිත්‍රොමයිසින් මිල සියයට 30ත් 40 ත් අතර ප්‍රමාණයකින්ද වශයෙන් මෙම මිල ඉහළයාම් සිදුව ඇති බව ඔහු සදහන් කරයි.

මේ අනුව පැරසිටමෝල් නිෂ්පාදනයට පවා බාධා මතුව ඇති බවත් එම තත්වය හේතුවෙන් ඖෂධ මිල ඉහළයාම සිදුවනු ඇති බවත් සදහන් වේ.