Monday, April 29, 2024

General line - 0115112241

ටවුටේ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දෙලක්ෂයකට පීඩා




ටවුටේ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තද වැසි සහ සුළං හේතුවෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.  

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පැයට කිලෝ මීටර් 160 වේගයෙන් ගුජරාට් ප්‍රාන්තයට අද පෙරවරුවේ ටවුටේ සුළි කුණාටුව ඇතුළු වු බවයි. කෙසේවෙතත් අද පස්වරුව වන විට එම සුළි කුණාටුව දුර්වල වී එම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවන බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.