Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,525 ක්




කොරෝනා මරණ 4,525 ක් ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

එය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පෙරේදා දිනයේදීද ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,329 ක් වාර්තා වුණා.

මේ අතර ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 67,171 ක්. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි 54 ලක්‍ෂ 96,330 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට ලබාදීමට සිංගප්පූරුව අනුමැතිය ලබාදී තිබෙනවා.

සිංගප්පූරුවේ රාජ්‍ය සෞඛ්‍ය විද්‍යා අධිකාරිය විසින් එම අනුමැතිය ලබාදී ඇත්තේ සායනික දත්ත සමාලෝචනය කිරීමෙන් පසුවයි.

සිංගප්පූරු සෞඛ්‍ය බලධාරීන් තක්සේරු කර ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස් ඛාණ්ඩ සදහා ඉහළ කාර්යක්‍ෂමතාවක් පෙන්නුම් කරන බවයි.

මීට පෙර අමෙරිකාවද ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා ලබාදීමට අනුමැතිය ලබාදුන්නා.