Thursday, May 16, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසක වැසි




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ක පමණ තරමක වැසි අපේක්ෂා කළ හැකියි. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු - මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50ත් 55ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කළා. මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.