Thursday, May 16, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායම සිව්වන ස්ථානයට




පළමු එක්දින ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාව පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම අයි සී සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

බංග්ලාදේශය ඊයේ තරගය ජය ගත්තේ ලකුනු 33 කින්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට සුපර්ලීගය යටතේ මේ දක්වා සහභාගි වූ තරග 07 න් තරග 04 ක් ජයගෙන ප්‍රසාද ලකූණු 40 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ සහභාගි වූ තරග 04 ම පරාජයට පත්වුණා.

ඒ  අනුව ශ්‍රි ලංකා කණ්ඩායම දඩුවම් ලකුණු 02 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සෘණ ප්‍රසාද ලකුණු 02 ක් ලබා පසුවන්නේ 12 වන ස්ථානයේයි.

සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් අට, 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබනු ඇති. සෙසු කණ්ඩායම් ඒ සදහා සුදුසුකම් ලැබීමට, සුදුසුකම් ලැබිමේ තරගාවලියකට මුහුණ දීමට සිදු වනවා.
 
මේ අතර ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරගය මිර්පුර්හිදි හෙට පැවැත්වීමට නියමිතයි.