Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

මීර්පුර්හිදී පැවැත්වෙන එම තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 196 ක් රැස් කරගෙන සිටියා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 85 ක්.

මහමුදුල්ලා ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 47 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් වුණා.