Thursday, May 16, 2024

General line - 0115112241

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට 247 ක ඉලක්කයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මීර්පුර්හිදී මේ වනවිට පැවැත්වෙනවා. ලකුණු 247 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු  02ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සියල්ලන් දැවි ලකුණු 246 ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 127 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125 ක්. ඔහුගේ ඉනිමට 04 පහර 10 ක් ඇතුලත් වුණා. මහමුදුල්ලා ලකුණු 41 යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 44 ට කඩුලු 03 ක් දවාගත් අතර ලක්ෂාන් සදකැන් ලකුණු 54 ට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් වුණා.