Friday, May 17, 2024

General line - 0115112241

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර 03 වන එක්දින තරගය අදයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. 

ඒ, බංග්ලාදේශයේ ඩකාහිදීයි. බංග්ලාදේශය මේවනවිටත් සිටින්නේ 2 ට 0 ක් ලෙස තරගාවලිය ජය ගනිමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසයේ පළමුවරට එක්දින තරගාවලියක් ජය ලැබීමේ අභිමානය ද සමගයි. අද බංග්ලාදේශයේ උත්සහය වී ඇත්තේ එම අභිමානය වැඩි කර ගනිමින් 3 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමටයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය කිරීමට අද තරගය අතිශය වැදගත්. ඒ, මෙම සංචාරයට ජ්‍යෙෂ්ඨයින් නොමැතිව ඉදිරිපත් කළ නවක කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමටයි. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම නවක කණ්ඩායම නම් කළ බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මීට පෙර පැවසුවේ.