Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ එක්දින ජයක්




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.  

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස්කළා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා රැස්කළ ලකුණු සංඛ්‍යාව 120 ක්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55 යි. පන්දු යැවීමේදී බංග්ලාදේශයේ ටස්කින් අහමඩ් ලකුණු 46 කට කඩුළු 04 ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ඒ, බංග්ලාදේශයේ මුල් කඩුළු 03, ලකුණු 28 ක් තුළ දවා ගනිමින්. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 3 ක් තුළ රැස්කර ගත හැකිවූයේ ලකුණු 189 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 9 ක් තුළ ලකුණු 16 කට කඩුළු 5 ක් බිඳ හෙලුවා. 
 

....................................................................................

අවසන් මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් යෞවනයෝ නැගිටිති

(28-05-2021 19:25)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය මේවනවිට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පිළ අද තරගයට එක්වුණේ පළමු තරග 02 කට ක්‍රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න යන නවක ක්‍රීඩකයින් මෙන්ම නිරෝෂන් දික්වැල්ල ද සමගයි. මෙම තරගයේදී බිනුර ප්‍රනාන්දු එක්දින වරම් දිනා ගත්තා. 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස්කළා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122 කදී සිය 06 වන ශතකය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 120 ක්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55 යි. පන්දු යැවීමේදී බංග්ලාදේශයේ ටස්කින් අහමඩ් ලකුණු 46 කට කඩුළු 04 ක් බිඳ හෙළුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ඒ, බංග්ලාදේශයේ මුල් කඩුළු 03, ලකුණු 28 ක් තුළ දවා ගනිමින්.