Thursday, May 16, 2024

General line - 0115112241

වසර 3කට පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගෙන් එක්දින කඩුලූ 5ක්




වේග පන්දු යවන ක්‍රීඩක චමීර දුෂ්මන්ත බංග්ලාදේශය සමග ඊයේ පැවති 3 වන සහ අවසන් එක්දින තරගයේදී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. ඒ, පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 16කට කඩුලූ 5ක් දවා ගනිමින්. මෙය චමීර දුෂ්මන්ත චමීර සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සනිටුහන් වුණා.

එමෙන්ම ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු එක්දින තරගයකදී කඩුලූ 5ක් දවාගත්තේ වසර 3කට පසුවයි. මෙම දක්ෂතාව හේතුවෙන් 3 වන සහ අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමටද චමීර දුෂ්මන්ත සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජය ගත්තා.

කෙසේවෙතත් 2 ට 1ක් ලෙස මෙම තරගාවලියේ ජය හිමිකර ගත්තේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමයි. මේ, තරගයෙන් අනතුරව අදහස් දැක්වූ චමීර දුෂ්මන්ත.