Tuesday, May 14, 2024

General line - 0115112241

පාපන්දු නිළවරණය යළිත් කල් යයි




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ජුනි මස 07 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ, සංචරණ සීමා පැනවීම හේතුවෙන් ඡන්ද බලය හිමි පාපන්දු ලීග නියෝජිතයින් කොළඹට කැදවීමට නොහැකි වීම හේතුවෙන්.

ඒ අනුව පාපන්දු නිලවරණය ජුනි 07 වනදා පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිලවරණ කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කරුණු දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය.

මේ අතර ඉකුත් 29 වනදා සහ අද පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා ටයිකොන්ඩු සම්මේලනයේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ සංගමයේ නිලවරණද ජුනි මස 07 වනදා දක්වා කල් දමා තිබෙනවා.