Monday, May 6, 2024

General line - 0115112241

වැලි කතරේදී දිග හැරෙන අයි පී එල් දෙවෙනි කොටස ප්‍රේක්ෂකයන්ට විවෘත වන ලකුණු




කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටවූ අයි පී එල් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්දයෙන් සොයා බැලීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ඊයේ ළගා වුණා. එමෙන්ම ඉන්දියාවට සත්කාරකත්වය හිමි මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටද අවධානය යොමුවී තිබෙනවා.

අයි පී එල් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සම්බන්ධයෙන් සහ කණ්ඩායම් 8 සදහා වන ජෛව ආරක්‍ෂිත බුබුළ සකස් කර ගැනීම පිළිබදව ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ඩුබායි සහ අබුඩාහි පැවැත්වෙන අයි පී එල් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂක ධාරිතාවයෙන් සියයට 50 ක පමණ පිරිසකට නැරඹීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී තිබෙනවා. එම තරග නරඹන්නන් සියළු දෙනා කොරෝනා මර්දන එන්නත ලබා තිබීම අනිවාර්ය වනවා. එක්සත් අරාබි එමීර් රජ්‍යයේ බොහෝ පිරිසකට දැනටමත් කොරෝනා මර්දන එන්නත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.