Monday, May 6, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් ?




බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවධානය යොමුව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් ක්‍රික්බස් වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය කඩිනමින් ගන්නා බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන ඩැනියල් විටෝරියි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග අඛණ්ඩව රැදී සිටීමට හැකි වූයේ නැහැ. ඒ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධූරය පුරප්පාඩු වුණා.

රංගන හේරත්ට අමතරව ඉන්දියාවේ සයිරාජ් බහතුලේ මෙන්ම පාකිස්තානයේ සයීඩ් අජ්මාල් ද බංග්ලාදේශයේ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීම වෙනුවෙන් සලකා බලමින් සිටිනවා.

කෙසේවෙතත්, ඒ අතරින් රංගන හේරත් ඉදිරියෙන්ම පසුවන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් සදහන් කර ඇත්තේ.