Monday, May 6, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක කුසලානයට තරග කරන කණ්ඩායම් වැඩි කිරීමට අයි සී සීයෙන් තීරණයක්




2024 වසරේ සිට 2031 වසර දක්වා  වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තරගාවලි කාලසටහන සැලකිය යුතු වෙනස්කම් රැසක් සමගින් එළිදක්වා තිබෙනවා. ඒ අනුව 2027 සහ 2031 වර්ෂවල පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කරන කණ්ඩායම්  සංඛ්‍යාව 14 ක් දක්වා වැඩි කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

සෑම වසර දෙකකට වරක් පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියක් සහ අයි සී සී ශූරයන්ගේ කුසලාන පන්දුවාර පනහේ තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සදහා කණ්ඩායම් 20 ක් සහභාගි කරවා ගැනීමටයි ඊයේ රැස්වූ අන්තරජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. ශූරයන්ගේ කුසලාන තරගාවලි සදහා සහභාගි කරවා ගැනීමට අපේක්ෂිත කණ්ඩායම් ගණන 08 ක්.

මේ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආකෘතිය ඉදිරියට ගෙන යාමටද තීරණය කර ඇති අතර සෑම වසර දෙකකට වරක් අවසන් තරගයක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතාවලියක අවසන් තරගය ලබන 18 වනදා සිට 22 වනදා දක්වා නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව සහ නවසීලන්තය එහිදී තරග වැදීමට නියමිතයි.