Monday, May 6, 2024

General line - 0115112241

උසේන් බෝලට්ගේ වසර 18 පැරණි ලෝක වාර්තාවක් බිද වැටෙයි




වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට දාහත් හැවිරිදි අමෙරිකානු ජාතික එරියන් නයිට්න් සමත් වී තිබෙනවා. ඒ, අමෙරිකාවේ පැවැති ලීග් තරගාවලියකදීයී.

ඒ අනුව 2003 වර්ෂයේදී උසේන් බෝල්ට් විසින් තප්පර 20.13 ක් ලෙස පිහිටුවන ලද වාර්තාව, නයිට්න් විසින් අලුත් කරනු ලැබුවේ තත්පර 20.11 ලෙසයි.

මෙම නව වාර්තාවේ හිමිකරු වන නයිට්න්, උසේන් බෝල්ට් 2003 වර්ෂයේදී එම ලෝක වාර්තාව පිහිටුවන අවස්ථාවේදී මෙලොව එළිය දැක නොතිබීම ද විශේෂත්වයක්.