Monday, May 6, 2024

General line - 0115112241

2022 ලෝක කුසලාන පාපන්දු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව අද එක්වෙයි




2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද එක්වනවා. ඒ ලෙබනන කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11 යි 30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරන අතර කවිදු ඉෂාන් සහ වසීම් රාසික් උප නායකයින් ලෙස කටයුතු කරනවා. ආසියානු එච් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටිනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් සදහා ශ්‍රී ලංකාව සහ ලෙබනනය 2019 වසරේදී කොළඹ තුරග තරගපිටියේදී එක්වුණා.

එම තරගයෙන් ගෝල 3ට බින්දුවක් ලෙස ජය වාර්තා කළේ ලෙබනන් කණ්ඩායමයි. ලෙබනන් පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණීගත කිරීම් සටහනේ 93 වන ස්ථානයේ පසුවන අතර රටවල් 210 ශ්‍රේණිගත කර ඇති එම සටහනේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිමිව ඇත්තේ 204 වන ස්ථානයේයි.