Wednesday, May 15, 2024

General line - 0115112241

ක්‍රිකට් ගිවිසුම නිසා ක්‍රීඩකයින් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්




ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර ක්‍රීීඩක කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් අද දිනයේදී තාවකාලික එකඟතාවයකට එළැඹ තිබෙනවා. ක්‍රීීඩකයින් එංගලන්ත තරග සංචාරය සදහා පමණක් ගිවිසුමකට අත්සන් කිරීමට එකඟතාවය පල කර ඇති බවයි වාර්තා වන්නේ. කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර අද පස්වරුවේ  පැවැති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වනවා.

මෙම සාකච්ඡාව අද පැවැත්වුණේ ක්‍රිඩකයින් නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයකදීයි. වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් තවදුරටත් ගැටලූ සහගත තත්ත්වයක් පවතින බැවින් එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍ර්‍රිිකට් බලධාරීන් අතර ක්‍රිීඩක කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබද අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා. එහිදී ක්‍රිකට් බලධාරීන් සංචාරක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට හෝටල් පරිශ්‍රයෙන් ද ඉවත් වන ලෙසට දැනුම් දී තිබූ  බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගිවිසුම් අත්සන් කිරීම සදහා පස්වරු 4 දක්වා කාලය ලබා දුන් අතර අතර එහිදී ක්‍රිකට් බලධාරීන් සදහන් කර ඇත්තේ ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට ක්‍රිකට් තහනමක් පනවන බවයි. කෙසේ වෙතත් ක්‍රීඩකයින් පසුව තීරණය කළේ එංගලන්ත සංචාරය සදහා පමණක් ගිවිසුම් අත්සන් කිරීමටයි. 

එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට දිනයේ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් අද ඇති වූ තත්ත්වය පිළිබද ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සදහන් කළේ  නව කොන්ත්‍රාත් ගිවිසුම ගැන එකඟතාවකට පැමිණිමට අසමත් වීම ගැන තමන් කණගාටු වන බවයි. තරගකාරී ගෙවීම් කරා ක්‍රීඩකයින් පෙළඹීම වැදගත් වුවද රට නියෝජනය කිරීමේදී එය තීරණාත්මක සාධකය කර නොගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වාදී ඇත්තේ.