Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවට අනතුරු අගවමින් බයිඩ්න් යුරෝපා සංචාරය අරඹයි




රුසියාව හානිකර ක්‍රියාකාරකම්වල යෙදුණහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, සිය පළමු නිල විදේශීය සංචාරය ආරම්භ කරමින් බ්‍රිතාන්‍යයට පැමිනි අවස්ථාවේදීයි.  

කෙසේවෙතත් රුසියාව සමග ගැටුම් ඇති කර ගැනීමට අමෙරිකාවට අවශ්‍යතාවක් නොමැති බවත් දෙපාර්ශවය අතර ස්ථාවර හා පුරෝකථනය කළ හැකි සම්බන්ධතාවක් අවශ්‍ය බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

බ්‍රිතාන්‍යයට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා එරට ගුවන් කඳවුරකදී අමෙරිකානු භටයින් පිරිසක් අමතමින් මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ. සිය අදහස රුසියානු ජනාධිපති විලැද්මියර් පූටීන් සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඔහුට දැනුම් දීමට බලාපොරොත්තු වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

සිය යුරෝපා සංචාරය ආරම්භ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා බි්‍රතාන්‍යයට පැමිණියේ ජී 07 සමුළුවට සහභාගීවීම සඳහායි. මෙම සංචාරයේදී අමෙරිකනු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ දෙවන එළිසෙබෙත් මහ රැජිණ හමු වීමට නියමිත ඇති අතර ලබන 16වනදා ජිනීවාහීදි රුසියානු ජනාධිපති විලැද්මියර් පූටීන් සමග ද්විපාර්ශිවික සාකච්ඡාවකට එක්වීමටද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.