Sunday, May 5, 2024

General line - 0115112241

මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 12 දෙනෙකු මරුට




ඉන්දියාවේ මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා ළමුන් 08 දෙනෙකු සිටන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකිර්ණයක්. අබලන් තත්ත්වයේ පැවති එම ගොඩනැගිල්ල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කඩා වැටෙන්නට ඇති බවටයි මුම්බායි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. 

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවු පුද්ගලයින් මුදාගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වලටද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.