Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දීයානු සංචිතය නම් කරයි




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන ඉන්දීය සංචිතය ද ඊයේ නම් කළ අතර ක්‍රීඩකයින් රැසක් එංගලන්ත සංචාරයකට එක්ව සිටීම හේතුවෙන් මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා ඇත්තේ ආරම්භක පිතිකරු ශිකර් දවාන්ටයි. උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් පත් කර ඇති අතර ආබාධයකට ලක්ව සිටි ෂ්රෙයස් අයියර් මෙම සංචිතයට නම් කර නැහැ. 

මෙම තරග සංචාරයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග , එක්දින තරග 3කට සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3කට එක්වනවා. සියලූ තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20 යි 20 තරග තුන ජූලි 21, 23 සහ 25 යන දිනවලදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන ඉන්දීය කණ්ඩායම ජූනි 28 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.