Friday, September 20, 2024

General line - 0115112241

හොර පාරෙන් ඔලිම්පික් ගියපු ලංකාවේ ‘කෝච්‘ (PHOTOS)



ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙවර අභිරහස් පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී ඇති බව වාර්තා වනවා.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, මළල ක්‍රීඩා, පිහිණුම්, බර ඉසිලීම, ජූඩෝ, බැඩ්මින්ටන්, වෙඩි තැබීම යන ඉසව් වලින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සහභාගී වන බවට නිළ වශයෙන් ප්‍රකාශ කල ද අභිරහස් පුහුණුකරුවෙකුද පස්සෙ දොරින් ඇතුළු වී සිටීයි.

නමින් දිනේෂ් වීරවංශ වන ඔහු පසුගිය ආණ්ඩු සමයේ, පසුගිය ආණ්ඩුවට ඉතා හිතෛෂීව කටයුතු කරමින්, තම මාධ්‍ය වෘත්තීය නිර්ලජ්ජිත ආකාරයට භාවිත කල බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙකි. ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ දිනේෂ් වීරවංශගෙන්, දැන් ක්‍රීඩාවට යහපතක් නොවන බව සපත කරමින් , ලේක්හවුස් ආයතනයේ, සන්ඩේ ඔබ්සවර්, ඩේලි නිව්ස් නම් ඉංග්‍රීසි පුවත්පත්වල ක්‍රීඩා අංශයේ ප්‍රධාන කතෘව සිටි ඔහුව එම ධූරයෙන් ඉවත් කිරීමට ද පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඔහු දැන් කාර්ය භාරයක් නැති පුද්ගලයෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ සිටියත්, රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමට තරම් වත්මන් ධූරයේ සුදුසුකම් ඔහුට තිබේදැයි සැකසහිතය.

පසුගිය වසර 4 ක පමණ කාලයක් තුළ ඔහු කිසිදු දේශීය ක්‍රීඩා තරගයක් වාර්තා කර නැතත්, ඔලිම්පික් කමිටුවට අදාළ සියලුම විදෙස් ක්‍රීඩා උළෙල සඳහා එක් එක් ප්‍රවේශ පත් යටතේ සහභාගීවී ඇත. මෙවර උලෙල නියොජනය කරන සියලුම ක්‍රීඩක කීඩිකාවන්ට පුහුනුකරුවන් නිල වශයෙන් සිටියදී දිනේශ් වීරවන්ශ පුහුනු කරුවෙක් ලෙසට ජාතික ඔලිම්පික් කමුටුවෙන් පත් කලේ කුමන අරමුනක් සදහා දැයි පැහදිලි නැත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරය වෙත අභිමානයෙන් ගෙන යෑමට වෙරදරන තම දහඩිය කඳුලු වැය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සංචාරයකයන් පිරිසක් ලෙස සමච්චලයට ලක්කරන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ඇතුළු නිළධාරීන් මෙවැනි පුද්ගලයින්ට ඔලිම්පික් වරම් ලබා දීම හාස්‍යජනකය.

ක්‍රිඩකයන් විනෝද සවාරි යන පිරිසක් ලෙස හඳුන්වද්දී, නිළධාරීන් තම හිතෛෂීන් සමග යන්නේ ඔලිම්පික් ක්‍රීඩා තරග ඉසව් සඳහා සහභාගීවීමටද ? ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ලැබෙන වරප්‍රසාද ලබා ගනිමින්, දේශීය ක්‍රීඩාවට කිසිදු වැඩක් නොකරන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන්, මාධ්‍ය වෘත්තීය ද දැන් හෑල්ලුවට ලක්වෙමින් පවතී.

මාධ්යවේදියෙකුට ඔලිම්පික් ඇතුලු ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට වෙනම ක්‍රියා පිලිවෙතක් හා නීති රීති සමුදායක් ඇත, ඔවුන් ක්‍රීඩා උළෙලට මාස 6 කට පමණ පෙර ඒ සඳහා අයදුම් කල යුතු අතර, ඊට අදාල සුදුසුකම් සපුරාලිය යුතුය. ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවහිර නොවන ලෙස ක්‍රීඩා අවස්ථා වාර්තා කල යුතුය. නමුත් මෙසේ වැදගැම්මකට නැති පුද්ගලයන්, තවත් කෙනෙකුට ලැබෙන අවස්ථාව භාවිත කරමින්, ලොව ප්‍රධානතම තරගාවලි සඳහා ඇතුළු වීම රටට හා ලෝකයට වැඩදායක නැත.

13942751_10209989752441781_591702350_n

77754

13936843_10209989747041646_1674209569_n

13942721_10209989749841716_225833132_n