Sunday, May 5, 2024

General line - 0115112241

අර්ජුනගේ පුතා අමෙරිකා ක්‍රිකට් ලීගයට




මේ වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මිනෝර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 27ක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සංචිත සඳහා ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අතරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ශෙහාන් ජයසූරිය සහ අමිල අපෝන්සුද ඇතුළත්. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංගගේ පුත් 32 හැවිරිදි ධ්‍යාන් රණතුංගද එම තරගාවලිය සඳහා නම් කළ සංචිතයකට ඇතුලත්ව සිටිනවා.

එම තරගාවලිය සදහා නම්කර ඇති සංචිතවලට අයත් සෙසු ක්‍රීඩකයින් වන්නේ ශෙහාන් ප්‍රනාන්දු, රවිඳු ගුණසේකර සහ ඉසුරු කුරුවිටගේයි.