Sunday, May 5, 2024

General line - 0115112241

රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්




යුරෝපානු ශූරතා පාපන්දු තරගාවලි ඉතිහාසයේ අවසාන වටයේ තරග වලදී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා අතරට එක්වුණා.

ඒ යුරෝපා ශූරතා පාපන්දු අවසන් වටයේ තරග වලදී ගෝල 11ක් රැස්කරමින්.

මෙවර යුරෝපානු ශූරතා පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ හංගේරියාව අතර පැවති තරගයේ 87 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගෙන ගෝලයක් වාර්තා කරමින් රොනාල්ඩෝ වැඩිම එම වාර්තාව පිහිටු වීමට සමත් වුණා.

ඊට සුළු මොහොතකට පසු තවත් ගෝලයක් වාර්තා කළ රොනාල්ඩෝ පෘතුගාලයට එම තරගයේ ජය හිමිකර දුන්නේ ගෝල 03ට බින්දුවක් ලෙසයි.

ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා යුරෝපා ශූරතා පාපන්දු තරග 22කට සහභාගී වෙමින් රැස්කරගෙන ඇති ගෝල සංඛ්‍යාව 11ක්.

එමෙන්ම වැසිම ජාත්‍යන්තර ගෝල රැස්කළ යුරෝපා පාපන්දු ක්‍රීඩකයාද වන රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 177කට සහභාගී වෙමින් ගෝල 106ක් රැස්කරගෙන තිබෙනවා.