Sunday, May 5, 2024

General line - 0115112241

ජර්මනියෙන්, පෘතුගාලයට එල්ලවූ නොසිතු ප්‍රහාරය 




යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් තරගයක් ජර්මනියේදී ඊයේ පැවැත්වුණා. ඒ සත්කාරක ජර්මනිය සහ පෘතුගාලය අතරයි. තරගය ආරම්භයේදීම ජර්මන් කණ්ඩායම  ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වුණා.

කෙසේ වෙතත් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ පෘතුගාල කණ්ඩායමයි. එම ගෝලය 15 වන මිනිත්තුවේදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් වාර්තා කළා. මෙම ගෝලයත් සමග ඔහු මේ වන විට මෙවර තරග වාරයේදී ගෝල 03 ක් වාර්තා කර තිබෙනවා. පෘතුගාල ක්‍රීඩකයින් දෙදෙනෙකු අතින් සිය දැළ වෙත ගෝල දෙකක් යොමු වීම හේතුවෙන් පළමු අර්ධය නිමා වූයේ ගෝල 02 කට 01 ක් ලෙස ජර්මන් පාපන්දු කණ්ඩායම පෙරමුණ ගනිමින්.

දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ජර්මන් කණ්ඩායම 51 වන මිනිත්තුවේදී සහ 60 වන මිනිත්තුවේදී තවත් ගෝල 02 ක් වාර්තා කළා. ඒ අනුව මෙම තරගය ජර්මන් කණ්ඩායම ජය ගත්තේ ගෝල 04 ට දෙකක් ලෙසයි.