Sunday, May 5, 2024

General line - 0115112241

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය ගැන ජනතාවට සිහිකැදවීමක්




දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 04 ට ඉවත් කෙරෙනවා. කෙසේ වෙතත් යලිත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. සංචරණ සීමා හෙට අලුයම ඉවත් කෙරෙන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

පළාත් අතර සංචරණ සීමා ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු වෙළදසැල් විවෘත කිරීමේදී පාරිභෝගිකයින් පිලිබද සැලකිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. 

මේ අතර ඊයේ දිනයේදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 1,080 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසෙල්වත්ත සහ මරදාන ප්‍රදේශවල සිදුකළ ඩ්‍රෝන මෙහෙයුම්වලදී් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.