Sunday, May 5, 2024

General line - 0115112241

සීමිත බස් සහ දුම්රිය ප්‍රමාණයක් හෙට ධාවනයට




සංචරණ සීමා ඉවත් කෙරෙන හෙට දිනයේදී පළාත් අතර සිමිත දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න.

හෙට දිනයේ පළාත් තුල සියයට 20 ක පමණ ප්‍රමාණයක් බස් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කළේ මගී ප්‍රවාහන සේවා පළාත් අතර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී නොමැති බවයි. ඉදිරි දින තුනේදීද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකළ යුතු බව සිය මතය බවයි ඔහු  සදහන් කළේ.