Sunday, May 5, 2024

General line - 0115112241

පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්




පොල්ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගස් හෙළීම පාලනය කිරීමේ පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින්.

ගස් හෙළීම පාලනය කිරීමේ පනත යටතේ තිබූ කොස්, ගම් දෙල් සහ තල්ගස් යන ගස්වලට අමතරව පොල් ගසද එම ලැයිස්තුවට අලුතින් එක්කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනයට අනුව පොල්ගස් කැපීම සදහා ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය අවශ්‍ය වනවා.