Monday, May 6, 2024

General line - 0115112241

LPL කණ්ඩායම්වල වෙනසක්




මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචිය අද සිට ආරම්භ වනවා. ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ලබන 27 වනදා මධ්‍යහ්න 12 දක්වා ක්‍රීඩකයින්ට ඒ සදහා ලියාපදිංචිවීමේ අවස්ථාව පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එම ලියාපදිංචිවීම සදහා සපුරාලිය යුතු සුදුසුකම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දක්වා තිබෙනවා. ඒ අනුව ජාතික කණ්ඩායම් නියෝජනය කර ඇති හෝ පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇති දෙස් විදෙස් ක්‍රීඩකයින්ට ඒ සදහා අවස්ථාව හිමිවනු ඇති. 

මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 5 ක් එක් වන අතර පෙර පැවති තරගාවලියේදී නම් කෙරුණු කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රීඩකයින්ගේ වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉකුත් වසරේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර නම් කර ඇත්තේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසයි.

දඹුල්ල වයිකින් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලකයි. දසුන් ශානක දඹුල්ල වයිකින් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. වනිදු හසරංග නම් කර ඇත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසයි. 

මෙවර තරගාවලියේදීද ප්‍රධාන ක්‍රීඩකයෙකු සදහා අමෙරිකානු ඩොලර් 60,000 ක වටිනාකමක් ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන ජූලි 29 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.