Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ නව එන්නත්කරණ වැඩසටහනක්




ඉන්දියාවේ නව එන්නත්කරණ වැඩසටහන යටතේ අසූ ලක්ෂය ඉක්මවූ වාර්තාගත පිරිසකට ඊයේ දිනය තුළදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ නව එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයින් අසූ එක් ලක්ෂයකට කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් බවයි.

ඉකුත් ජනවාරි 16 වනදා සිට ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවේ පුද්ගලයින් සදහා එක් දිනකදී ලබා දී ඇති වැඩිම එන්නත් ප්‍රමාණය එය වනවා.

ඉන්දියාව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වුවද එරට ජනතාවට එන්නත් ලබා දීම පසුගිය කාලය පුරා මන්දගාමී ස්වභාවයක් ගත්තා.

ඒ අනුව මෙතෙක් එරට ජනගහනයෙන් කොවිඩ් එන්නත ලබා දී තිබුණේ සියයට 05 ක පමණ ප්‍රතිශතයකටයි. කෙසේ වෙතත් එරට රජයේ තීරණයකට අනුව සෑම ඉන්දියානුවෙකුටම නොමිලේ කොවිඩ් එන්නත් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම මස මුලදී නිවේදනය කළා.

නව වැඩසටහන යටතේ පළමු දිනයේදීම වාර්තාගත පිරිසකට එන්නත ලබා දීමට කැපවූ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඊට දායක වූ සියලු දෙනාට සිය සුබපැතුම් එක්ක්රන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.