Tuesday, May 7, 2024

General line - 0115112241

නෙත් ශ්වේත පූජා ජන සහභාගීත්වයෙන් තොරව අනුරාධපුර ථූපාරාම පුද බිමේ සිට




අනුබුදු මිහිදු මා හිමියන් නිර්මල බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ආගමික මෙන්ම මෙරට සංස්කෘතික හා සමාජයීය, පරිවර්ථනයන් රැසකට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හේතු පාදක වුණා. මෙරට ඉතිහාසයේ වඩා වැදගත්ම සංදිස්ථානය වන්නේ අද වැනි දවසක සිදු වු මහින්දාගමනය බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බෞද්ධ ජනතාව අද දිනයේ නිවසේ සිට පිංකම් සිදු කිරීම වැදගත් වන බවද මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.

සැම පොහෝ දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික ථූපාරාම පින්බිමේදීයී.  ඒ, ජන සහභාගීත්වයෙන් තොරවයි. එම වැඩසටහන  අද උදෑසන 06 ට ආරම්භ වූ අතර එහිදී සිදු කෙරෙන සියලු වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරෙනවා.

ඒ පිළිබද නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
ආයුබෝවන් සමීර,