Wednesday, May 8, 2024

General line - 0115112241

LTTE ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ 16 කට ජනපති පොදු සමාවෙන් නිදහස




පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැසක පිංකම් රැසක් ක්‍රියාත්මක වනවා. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් 05 දෙනෙකු කළ ඉල්ලීමක් අනුව ඔවුන්ට සිල් සමාදන් වීම සදහා අවශ්‍ය කටයුතු සලසා දි ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනපති පොදු සමාව හිමිව තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ පොසොන් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන්ට නිදහස හිමි වන්නේ දීර්ඝ කාලයකට පසුව බවයි. එම පිරිසෙන් 77 දෙනෙකුට නිදහස හිමි වන්නේ සුළු වැරදී සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන්. ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස හිමිවන සිරකරුවන් ගණන 9 ක්.

මෙවර ජනපති පොදු සමාව යටතේ නිදහස ලබන පිරිසට, එවකට පැවති ඛඔඔෑ සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවලට අදාලව චෝදනාවට ලක්ව සිරදඬුවම් ලැබූ 16 දෙනෙකු ද අයත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ. 

එලෙස නිදහස හිමි වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ගෙන් 15 දෙනෙකුට සහ යාපනය බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුටයි. ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිවන සිරකරුවන් 93 දෙනා  අද දිනයේ බන්ධනාගාර වලින් නිදහස් කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය වැඩිදුරටත් සඳහන් කළා.