Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය එංගලන්තයට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද අලුයම සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 7 ක් දැවී රැස්කළේ ලකුණු 129 ක් පමණයි.

දසුන් ශානක පන්දු 44 කදී ලකුණු 50 ක් රැස්කළා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 30 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19 ක් රැස් කළා. සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 යේ සීමාව පසුකර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී ඇඩිල් රෂීඩ් සහ සෑම් කරන් කඩුළු 02 බැගින් බිඳ හෙළුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 17 යි එක් පන්දුවක් තුළ කඩුළු 02 ක් පමණක් දැවී තිබියදීයි. එංගලන්තය වෙනුවෙන් ජෝෂ් බට්ලර් නොදැවී ලකුණු 68 ක් රැස්කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා. එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන පන්දුවාර 20 තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. 

මේ අතර පළමුවරට පැවැති ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ, ඉන්දියාව කඩුළු 8 කින් පරාජය කරමින්.