Thursday, May 16, 2024

General line - 0115112241

ජූඩෝ ඉසව්වෙන් ශී‍්‍ර ලාංකිකයෙකු ටෝකියෝ ඔලිම්පික් උළෙලට




මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ ඉසව්ව සදහා සුදුසුකම් ලැබීමට චාමර නුවන් ධර්මවර්ධන සමත් වුණා. ඔහු මෙවර ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාවෙන් සුදුසුකම් ලැබූ පස්වන කී‍්‍රඩකයායි. 

බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න, ජිම්නාස්ටික් කී‍්‍රඩිකා මිල්කා ගිහානි සහ වෙඩි තැබීමේ ඉසව්ව සදහා ටෙහානි එගොඩවෙල මෙන්ම අශ්වාරෝහක තරග ඉසව්ව සදහා මැතිල්ඩා කාල්සන් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට එක්වනවා. 

ජූඩෝ ජාතික ශූරයා වන චාමර නුවන් ධර්මවර්න ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි. ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී කිලෝග‍්‍රෑම් 73 බර පන්තියෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කළා.

ඔහු එහිදී ඉතිහාස ගත වූයේ අවුරුදු 120ක ඉතිහාසය තුළ එම ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ‍්‍රී ලාංකිකයා ලෙස බවට පත්වෙමින්. 2016 රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කරට කර තරගවැදුනු චාමර නුවන් ධර්මවර්ධන අවසන් 16 දෙනා අතර පිවිසීමට ද සමත්වුණා. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු වන චාමර නුවන් ධර්මවර්ධන 2019 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජූඩෝ ඉසව්වේ රන් පදක්කමක් දිනා ගනිමින් දකුණු ආසියානු ශූරයා බවටද පත්වුණා. එමෙන්ම යුරෝපා ජූඩෝ පිටියේ දීද දස්කම් දැක්වූ ඔහු  2018 වසරේ පැවති යුරෝපා ජූඩෝ ශූරතා තරගාවලියේදී රන් පදක්කමද දිනා ගත්තා.