Sunday, May 19, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වැලිකතරේදී - අසාර්ථක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අද යළිත් තරග බිමේ




ඉන්දියාවට සත්කාරකත්වය හිමි වූ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ. 

අතරමග නතර කෙරුණු අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ඉතිරි තරගද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරගාවලිය නිමා වීමෙන් අනතුරුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භවිමට නියමිතයි. 

ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලිය   සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් ජගත් ක‍්‍රිකට් කවුන්සලය වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ  ඕමානයේ දී පැවැත්වෙනු ඇති. ශ‍්‍රී ලංකාව ඊට ඇතුළත් අතර එහිදී තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 12ක්.  

කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර, ඉන් කාණ්ඩ දෙකේ පෙරමුණ කණ්ඩායම කණ්ඩායම් 2,  සුපිරි 12 ගේ වටය සදහා සුදුසුකම් ලබා ගනු ඇති. සුපිරි 12 වටය සදහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්. ඔක්තෝබර් 24 වනදා ආරම්භ වන සුපිරි 12 වටය සදහා ඇතුළත් තරග සංඛ්‍යාව 30ක්. එහිදී කාණ්ඩ දෙකක් යටතේ  කණ්ඩායම් 6 බැගින් තරග වැදීමට නියමිතව තිබෙනවා. සියලූ තරග ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

මේ අතර දිගින් දිගටම අසාර්ථක වන ශී‍්‍ර ලංකා කණ්ඩායමද තවත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයක් සදහා අද එක්වනවා. ඒ එංගලන්තය කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන් හි රෝස් බොව්ල් කි‍්‍රඩාංගණයේදී. දෙරට අතර තරග 3කින් සමන්විත මෙම පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය 2ට බින්දුවක් ලෙස මේ වන විටත් එංගලන්ත කණ්ඩායම ජයගෙන අවසන්. අවමන් සහගත පරාජයකින් ගැලවීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය ජය ගැනීම තීරණාත්මක වී තිබෙනවා. ශී‍්‍ර ලංකා - එංගලන්ත 3 වන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය මෙරට වේලාවෙන් අද රාතී‍්‍ර 7ට ආරම්භ වීමට නියමිතයි.