Monday, April 29, 2024

General line - 0115112241

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් නිසා මියයාම ගැන විශේෂ පරීක්ෂණයක්




පේරාදෙණිය ඉලුක්තැන්න, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් ආාසාදිතව මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තා ලබා ගැනීමට දැනටමත් කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එම අවාසනාවන්ත සිදුවීම සෞඛ්‍ය අංශයේ අවදානය යොමු විය යුතු විශේෂ සිදුවීමක් බවත්, එවැනි  තත්ත්වයන් වැලැක්වීමට ගත යුතු පියවර අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩි දුරටත් පෙන්වා දි තිබෙනවා. අදාළ පවුලේ පියා වන 71 හැවිරිදි සිරිපාල රාජපක්ෂ නමැත්තා ඉකුත් ජුනි මස දෙවැනි දිනත්, මව වන 68 හැවිරිදි චන්ද්‍රා රාජපක්ෂ ජුනි මස 17 වන දිනත් මිය ගොස් තිබෙනවා.

මිය ගිය යුවලගේ පුත්‍රයා වන 39 හැවිරිදි ධම්මික රාජපක්ෂ නමැත්තා මිය ගොස් ඇත්තේ ජුනි මස 23 වන දින බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ.