Monday, April 29, 2024

General line - 0115112241

සබරගමුව සහ තවත් ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.