Monday, April 29, 2024

General line - 0115112241

විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇමති නාමල්ගෙන් සැර ප්‍රකාශයක්




මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකි බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.  

මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවයි ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (28) තීරණය කළා.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්තයේදී විනය කඩ කරමින් ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන්.

මේ හේතුවෙන් එම ක්‍රීඩකයින් තිදෙනා දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළේ.