Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා නිසා අදත් දුම්රිය ගමන්වලට බාධා




අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරිමට සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා. ඒ, දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය මතුවීමත් සමගයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි. 

පවතින කොරෝනා අවදානම හේතුවෙන් දුම්රිය කාර්යය මණ්ඩලය සේවයට කැඳවන්නේ ද, සමස්ථ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණක් බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ. 

දුම්රිය ධාවනාගාරයේ සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඊයේ පස්වරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් හදිසියේ අවලංගු කෙරුණා. ධාවනය කෙරුණු ඇතැම් දුම්රිය ද ප්‍රමාද වී ධාවනය වූ බවයි ප්‍රකාශ කෙරුණේ. ආසාදිතයින් වාර්තා වී ඇති ධාවනාගාරයේ සේවය කරන සෙසු සේවකයින් ද ඡක්‍ඍ පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.