Friday, May 3, 2024

General line - 0115112241

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමාලි ලියනආරච්චිට සහ චාමර නුවන් ධර්මවර්ධනට ගුවන්හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු සමස්ත ගුවන් හමුදාව උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා.

මීටර් 800 තරග ඉසව්ව නියෝජනය කරන නිමාලි සහ ජූඩෝ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරන චාමර ධර්මවර්ධන දෙදෙනාම ගුවන් හමුදාවේ සාමාජිකයින්.

ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව ද හිමිවී ඇති චාමර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන දෙවැනි අවස්ථාව මෙය වනවා.

ඔහු මීට පෙර 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ද නියෝජනය කළා.

කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරග වදින චාමර ජූඩෝ ක්‍රීඩාවෙන් ඔලිම්පික් තරග වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වනවා.

28 හැවිරිදි චාමර 2016 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කමක් දිනා ගත් අතර, 2019 වසරේ නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.