Tuesday, April 23, 2024

General line - 0115112241

අවසන් තරගයේ ජයත් ලංකාවට අහිමි වෙයි




සංචාරක ශී‍්‍ර  ලංකා කණ්ඩායම සමග ඊයේ (02) පැවති 5 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගයත් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කී‍්‍රඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 324 ක් රැස් කළා. ජෝයි රූට් ලකුණු 93 යි. පන්දු යැවීමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 48 ට කඩුළු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 202 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 53 ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 48 යි. එංගලන්ත කණ්ඩායම තරගය ජයග‍්‍රහණය කළේ ලකුණු 122 කින්. ඒ අනුව තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණ.

England's Liam Plunkett celebrates the wicket of Sri Lanka's Angelo Matthews during the Royal London One Day International Series at the SSE SWALEC Stadium, Cardiff.