Thursday, May 2, 2024

General line - 0115112241

අධික වර්ෂාවත් සමග චීනයේ උමං මාර්ගයක් ජලයෙන් යටවෙයි : දුම්රියේ සිටින මගීන් බේරා ගන්න හමුදාව යොදවයි (VIDEO / PHOTOS)




මධ්‍යම චීනයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිට අමතරව එහි උමං දුම්රිය මාර්ගයන්, මාර්ග ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ. එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 94ක ජනතාවට දැඩි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා. 

මේ අතර ෂෙන්ගාෂූ ප්‍රාන්තයේ උමං දුම්රිය මාර්ගයක දුම්රියක් වැසි ජලයෙන් යටවී තිබෙනවා. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් සිට ඇති අතර ඔවුන්ගේ උරහිස් මට්ටමට ජලය පිරි තිබු බවයි වාර්තා වන්නේ.

ජලයෙන් යටවූ දුම්රියේ සිටි මගීන් ගලවා ගැනීම සඳහා හමුදා සෙබළුන් යෙදවූ බවයි වාර්තා වන්නේ.