Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් ගැටළුවක




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියේ ශක්තියට ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබෙනවා.

ඒ, මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ බලාපොරොත්තුව බවට පත්ව ඇති වනිඳු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන්.

නෙත් ස්පෝට්ස්මන් කළ විමසීමකදී අනාවරණ වුණේ ඔහුට ඉන්දියාව සමග අද පැවැත්වෙන තරගයට සහභාගී වීමට නොහැකි වනු ඇති බවයි.

මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත හා දග පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් අද තරගයෙන් ඉවත් කරනු ඇති බවට ද වාර්තා පළ වනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය පෙනි පෙනී තිබූ ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේදීයි ඔවුන්ගේ දුර්වල පන්දු යැවීම හේතුවෙන්.

ඒ අනුව දග පන්දු යවන ක්‍රිඩක අකිල ධනංජය හා තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් අද තරගයට කැඳවනු ඇති බවටයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ.

ශ්‍රී ලංකා - ඉන්දියා 03 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 03 ට ආරම්භ වනවා. අද තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා.

දෙවන එක්දින තරගයෙන් පසු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානක අතර සිදුවූ කථාබහ සම්බන්ධයෙන් මෙහිදී දසුන් ශානකගෙන් ප්‍රශ්න කෙරුණා.

මේ අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් - ඔස්ටේ්‍රලියාව දෙවන එක්දින තරගය හදිසියේ අත්හිටුවීමට තීරණය කළා.

ඒ, කොදෙව් කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුළ තුළින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. තරග ආරම්භයට කාසියේ වාසිය ද උරගා බලා තිබූ පසුබිමක තරගය අත්හිටුවීම විශේෂත්වයක්.