Sunday, April 28, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් තවත් ප්‍රදේශ 14කින් වාර්තා වෙයි




වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේ වන විට 61ක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා. 

මෙරට ව්‍යාප්ත කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනු ලබන nextstrain.org වෙබ් අඩවියට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව,  කෝට්ටේ, රත්මලාන,අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මිගමුව ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වී ඇත. 

ඊට අමතරව කළුතර - බේරුවල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, දඹුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඉකුත් සතියේදී ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇත.

" දැනට වාර්තා වෙලා තියෙන ඩෙල්ටා ආසාදිතයින් ගණන 61ක් වුනාට මීට‍ වඩා ආසාදිතයින් ඉන්න හැකියාව තියෙනවා. දැනට සිදුකරපු පරීක්ෂණ වලින් තමයි මේ පිරිස හම්බ වෙලා තියෙන්නේ. තත්ත්වය මිට වඩා වෙනස්. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. වෛරසයට නිරාවරණය නොවී ඉන්න" මෙරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සේවා සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

මෙරට ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් ඇත්තේ සීමාසහිතවයි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එම පරීක්ෂණ සිදුකරන අතර කොළඹ විශ්ව විද්‍යාලය ද දැන් එම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. රට තුළ ඩෙල්ටා අවදානම ඇති පසුබිමක සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත්ද? මේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ්‍යයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ දැනට ඩෙල්ටා ආසාදිතයින් 61 දෙනෙකු හඳුනා ගෙන තිබුණද,  මීට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි. දැනට සිදුකළ පරීක්ෂණ වලින් මෙම පිරිස හඳුනාගෙන ඇති නමුත්, තත්ත්වය මිට වඩා වෙනස් බව ද ඔහු කියා සිටියා.