Friday, May 10, 2024

General line - 0115112241

දෛනික ආසාදිතයින් යළි ඉහළට - ඩෙල්ටාදැයි සැකයක්




මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් යළිත් දක්නට ලැබෙනවා. පෙරේදා දිනයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සති 03 කට පසු පළමු වරට 1600 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 1700 සීමාව ද ඉක්මවා ගියා. ඊයේ වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 1,721 ක්. ඉකුත් ජූලි 02 වනදායින් පසු දෛනික ආසාදිතයින් 1,700 ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙයයි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ මෙරට දෛනික ආසාදිතයින්ගේ ඉහළ යාමක් යළී පෙන්නුම් කිරීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බවයි. මේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ්‍යයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට ද සූදානම් ද? 

මේ අතර අද දිනයේ ද මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,310 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.