Friday, May 10, 2024

General line - 0115112241

පදිකයින්, මාර්ග රිය අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක්




පදිකයින්, මාර්ග රිය අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. ඉන්  තිදෙනෙකුම පදිකයින් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්ද තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ. ඊයේ දිනයේදීද මත්ද්‍රව්‍ය වැටලීම් කිහිපයක් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.