Friday, May 10, 2024

General line - 0115112241

කොතලාවල විශ්ව විද්‍යාල පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්




කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී ලබන 03වනදා විශේෂ වැඩමුළුවක් පවත්වන බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

ඊට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමටද නියමිතයි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පනත සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදු කරනු ලබන අසත්‍ය ප්‍රකාශ සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එලෙස වැඩමුළුව සංවිධාන කරන බවද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

එම වැඩමුළුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකු මෙහෙයවනු ලබන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.