Saturday, May 4, 2024

General line - 0115112241

රිෂාඩ්ගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනා යළි අධිකරණයට




බොරැල්ල පොලිසියේ රැදවුම් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද යළිත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි වුණා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන්ගේ බිරිද, ඇයගේ පියා හා සොහොයුරා සහ තැරැව්කරු අද පෙරවරුවේ අධිකරණයට රැගෙනවිත් ආ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි දැරිය පිළිසුම් තුවාල ලබා මියයාමේ සිද්ධියට අදාළව ඔහුගේ බිරිද, බිරිදගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගැණුනා.

ඒ පිළිබද සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මීට පෙර සේවය කළ තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සොහොයුරාද අත්අඩංගුවට ගැණුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.