Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ බලය ඇල්ලූ තලෙයිබාන් සංවිධානයට අමෙරිකාවෙන් පනිවුඩයක්




ඇෆ්ගනිස්තානයේ නව පාළනයක් පිළිගන්නේද නැද්ද යන්න එරට බලය අල්ලාගත් තලෙයිබාන් සංවිධානයේ හැසිරීම අනුව තීරණය වන බව අමෙරිකාව පවසනවා. කාන්තා හා ළමා අයිතිවාසිකම් ඇතුලු මානව හිමිකම්වලට ගරු කරන ලෙස ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටින තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කර ඇත්තේ.

මානව හිමිකම් ආරක්ෂා නොකරන පාළනයකට අමෙරිකාවේ සහය හිමි නොවන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත්  ප්‍රකාශ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ රැදී සිටි අමෙරිකානු හමුදාව ඉවත් කර ගැනීමත් සමඟ තලෙයිබාන් සංවිධානය එරට බහුතර ප්‍රදේශයන්හි බලය අත්පත් කර ගත්තා. ඉකුත් දින 10 තුළ ප්‍රධාන නගර රැසක් තලෙයිබාන් පාළනයට නතුවූ අතර කාබුල් අගනුවර බලය තලෙයිබාන් සංවිධානය අත්පත් කර ගැනීමත් සමඟ ජනාධිපති අස්රොෆ් ගහානිද රටින් පළා ගියා. ඇෆ්ගනිස්තානයේ නව පාළනයක් ස්ථාපිත කල බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කලේ ඒ අනුවයි.