Monday, April 29, 2024

General line - 0115112241

එක් කොවිඩ් ආසාදිතයෙකු නිසා රටක් වසා දමයි 




මාස 06ක කාලයකින් පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීම හේතුවෙන් දින 03ක කාලයක් සඳහා රට සම්පුර්ණයෙන්ම අගුලු දැමීමට එරට අග්‍රාමාත්‍ය Jacinda Ardern පියවර ගෙන තිබෙනවා.

ඕක්ලන්ඩ් නගරයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමග නවසීලන්ත අගමැතිවරයා විසින් මෙම ක්ෂණික තීරණය ගනු ලැබුවා.

"Go Hard, Go Early" යන සංකල්පය මත කොවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමග ක්ෂණිකයෙන් රට වසා දැමීමේ පියවරක් ලෙස සිව්වන අදියරේ අගුලු දැමීමක් සඳහා සියලුම නවසීලන්ත වැසියන්ට සිදුවනු ඇති.

" ඉක්මනින් මෙම තත්ත්වයෙන් මිදීමට නම් අපට කළ හැකි හොඳම දෙය නම් වෙහෙස මහන්සිවී වැඩ කිරීමයි.

වෛරසයේ පළමු අවදියේදීම අපි ක්‍රියාත්මක වීමට අප තීරණය කළා. මන්ද වෛරසය වේගවත් වීමට පෙර අප ක්‍රියාත්මකවීම වැදගත්.

පාසැල්, කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන වසා දමා තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවා පමණක් මේ කාලයේදී ක්‍රියාත්මක කරනු ලබනවා" යැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටිනවා.

ඕක්ලන්ඩ් හී වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීයා 58 හැවිරිදි අයෙකු වන අතර ඔහුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරින් සැකපළ කරනු ලබනවා.